තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්5 ශිෂ්‍යත්ව විභාගයට අයදුම්පත් කැඳවීම අද සිට

    5 ශිෂ්‍යත්ව විභාගයට අයදුම්පත් කැඳවීම අද සිට

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය (2024) සඳහා අයැදුම්පත් කැඳවීම අද (27)සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    ලබන මස 14 වැනිදා දක්වා මාර්ගගතව අයැදුම්පත් කැඳවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

    ජුනි 14 වැනිදා මධ්‍යම රාත්‍රි 12ට මාර්ගගත ප්‍රවේශය වසාතබන බවත්, කිසිදු හේතුවක් මත අයැදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

    ඔහු පැවසුවේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබු පාසලක 5 ශ්‍රේණියේ ඉගැනුම ලබන සිසුන්ට පමණක් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්විය හැකි බවයි.

    මේ අතර, 2025 ජනවාරි 31 වැනි දිනට වයස අවුරුදු 11ට අඩු, අඩු ආදායම් සහිත සිසුන් ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලබන බවද ඔහු සඳහන් කළේ ය.

    විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, අයැදුම් කිරීමට අදාළ උපදෙස් www.onlineexams.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි.

    විශේෂ අවශ්‍යතා සහිත සිසුන්, ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් විස්තරාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර ඇතැයිද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය.

    2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන සැප්තැම්බර් 15 වැනි ඉරුදින පැවැත්වීමට නියමිතයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img