Home උණුසුම් පුවත් හොඳහැටි සූර් වී බිල නොගෙවා මාරුවෙන්න ගිය කොස්තාපල්ට වූ දේ..

හොඳහැටි සූර් වී බිල නොගෙවා මාරුවෙන්න ගිය කොස්තාපල්ට වූ දේ..

හොඳහැටි සූර් වී බිල නොගෙවා මාරුවෙන්න ගිය කොස්තාපල්ට වූ දේ..

ගාල්ල වක්වැල්ල පාරේ පිහිටි අවන්හලකට ගොස් මත්පැන් පානයකර බිල නොගවා කලහාකාරී ලෙස හැසිරෙමින් යකා නැටූ අම්බලන්ගොඩ පොලීස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයකු ගාල්ල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අවන්හල් හිමිකරු පොලීසියට පැමිණිලිකරමින් සඳහන්කර ඇත්තේ පොලිස් නිලධාරියා බීර දෙකක් පානය කර බිල නොගෙවා යාමට සූදානම් වූ අවස්ථාවේදී බිල ගෙවන ලෙස පැවසීමත් සමඟ බහින්බස් වීමක් ඇතිකරගෙන ගබඩා කාමරයේ දොර වීදුරුවට කඩා දමා පසුපස දොරෙන් පළායාමට උත්සහගත් බවය.

අවන්හලට ඔහු පැමිණෙන විටත් බීමතින් සිටි බවත් පළායන්නට උත්සහාගත් අවස්ථාවේදී ඔහු බිම ඇද වැටුණු බවත් අවන්හල් හිමිකරු පොලීසියට පැමිණිලිකරමින් සඳහන්කර ඇත.

ඔහු පොලීසියෙන් ඉල්ලා ඇත්තේ මෙම නිලධාරියා පානයකළ බීර දෙකේ සහ හානි කළ දේපලවල වටිනාකම අයකර දෙන ලෙසය.

පොලිස් කොස්තාපල්වරයාද පැමිණිල්ලක්කරමින් පොලීසිය හමුවේ පවසා ඇත්තේ අවන්හල් හිමිකරු හා තවත් අයෙක් තමන්ට පහරදුන් බවය. පහරදීමට හේතුව විමසීමේදී ඔහු පොලීසියට පවසා ඇත්තේ බිල නොගෙවීම මත පහරදුන් බවය. අවන්හල් හිමිකරු පොලීසියට මෙහිදී පවසා ඇත්තේ පහරදීමක් කිසිසේත්ම නොවූ බවත් සිදුවූයේ ඔහු පැන යන්නට සූදානම් වූ අවස්ථාවේදී ඇද වැටීමකින් තුවාල සිදුවූ බවත්ය.

මෙම පොලිස් කොස්තාපල්වරයා අසනීප නිවාඩු වාර්තාකර සිටියදී මෙම සිදුවීමට මුහුණ දී ඇති බවත් ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි. ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඔහුව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here