Home උණුසුම් පුවත් රේගු රැකියා දෙන්නම් කියා මුදල් ගරන ජාවාරමක්

රේගු රැකියා දෙන්නම් කියා මුදල් ගරන ජාවාරමක්

රේගු රැකියා දෙන්නම් කියා මුදල් ගරන ජාවාරමක්

රැකියා සොයන්නන් සඳහා රේගු දෙපාර්තමේන්තුවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් කොල්ලකෑමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබේ.

රේගු දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

රාජ්‍ය අංශයේ විභාග අපේක්ෂකයින් ඉලක්ක කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වී ඇති බවද එම දෙපාර්තමේන්තුව කියයි.

රේගුවට සම්බන්ධ වීමේ එවැනි ක්‍රමයක් නොමැති බවත් තරග විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගන්නා අය පමණක් බඳවා ගන්නා බවත් රේගු දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here