Home special AI ගෝලීය න්‍යෂ්ටික ආරක්ෂාවට තර්ජනයක්!

AI ගෝලීය න්‍යෂ්ටික ආරක්ෂාවට තර්ජනයක්!

AI ගෝලීය න්‍යෂ්ටික ආරක්ෂාවට තර්ජනයක්!

 
න්‍යෂ්ටික ආරක්ෂාව ලොව ර‍ටවල් සතු ජාතික වගකීමක් වන බැවින් ගෝලීය න්‍යෂ්ටික සුරක්ෂිතභාවය සහතික කිරීමේ වැදගත්කම පිළිබඳ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය අවධාරණය කර තිබේ.
 
ඔස්ට්‍රියාවේ වියානා හි 21 වැනිදා  පැවති න්‍යෂ්ටික ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අමාත්‍යවරුන්ගේ සමුළුවේ දී  ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරිණ.

න්‍යෂ්ටික අමුද්‍රව්‍ය, විකිරණ ද්‍රව්‍ය හා එම පහසුකම්වලට එරෙහි ද්වේෂ සහගත ක්‍රියා වැළැක්වීම, හඳුනාගැනීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම එහිදී ඉටු කළ යුතු බව ද එම නිවේදනයෙන් පැහැදිලි කර ඇත. ඩිජිටල් තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය ඇතුළු නව තාක්ෂණික ක්‍රමවේද ප්‍රචලිත වීමත් සමග ඒවායින් න්‍යෂ්ටික ආරක්ෂාවට එල්ලවන තර්ජනය හා අවදානම් පිළිබඳව සුපරීක්ෂාකාරී විය යුතු බව ද ඉන් අවධාරණය කෙරේ.
 
න්‍යෂ්ටික ආරක්ෂණ හැකියාව අඛණ්ඩව ශක්තිමත් කර ඇති චීන රජය, නීති හා රෙගුලාසි මාලාවක් ඔස්සේ න්‍යෂ්ටික ද්‍රව්‍ය හා න්‍යෂ්ටික පහසුකම්වල ආරක්ෂාව සහතික කිරීමේ විධිවිධාන නියම කර ඇතැයි චීන නියෝජිතයා එම අවස්ථාවේ දී කියා සිටියේය. න්‍යෂ්ටික උපකරණවල හදිසි තත්ත්වයන්ට මුහුණ දීමේ හැකියාව සහතික කිරීම සඳහා ඒකාබද්ධ ආරක්ෂක අභ්‍යාස අඛණ්ඩව සිදුකරන බව ද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here