Home උණුසුම් පුවත් ජලාශ පිරෙයි -ගංවතුර අවදානම තවදුරටත්

ජලාශ පිරෙයි -ගංවතුර අවදානම තවදුරටත්

ජලාශ පිරෙයි -ගංවතුර අවදානම තවදුරටත්

පවතින ඉහළ වර්ෂාපතනයත් සමඟ දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ප්‍රධාන ජලාශවල ජල මට්ටම 80% දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග (ජල විද්‍යා) අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ජලාශය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය සහ අංගමුව ජලාශය ද හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල ජලාශ කිහිපයක් ද වාන් දැමීමට පටන්ගෙන ඇත.

එමෙන්ම මිලිමීටර් 150ක පමණ අධික වර්ෂාපතනයක් හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ය.

එබැවින් මහනුවර, නුවරඑළිය සහ සබරගමුව දිස්ත්‍රික්කවල ජීවත්වන ජනතාවගෙන් විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.

එම නිසා හදිසි ගංවතුර තත්ත්වයකදී ඉහත ප්‍රදේශවල ජීවත්වන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙස බලධාරීහු ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here