Home උණුසුම් පුවත් අපේ වෙසක් වොෂින්ටනයේත් නිල දිනයක් වෙයි

අපේ වෙසක් වොෂින්ටනයේත් නිල දිනයක් වෙයි

අපේ වෙසක් වොෂින්ටනයේත් නිල දිනයක් වෙයි

(අශෝක ජයතුංග -වොෂිංටන් වාර්තාකරු)

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීම මත වෙසක් දිනය නිළ ලෙස පිළිගන්නා බවට වන නිළ නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව එම නිවේදනය නිකුත් කිරීමට වොෂින්ටන් DC නගරාධිපතිනි මියුරියල් බවුසර් මහත්මිය කටයුතු කර ඇත.

ඇමෙරිකාවේ අගනගරය මෙන්ම ලෝක දේශපාලන ආර්ථික හා ආරක්ෂාවට අදාළ තීන්දු ගන්නා මර්මස්ථානය ලෙස සැලකෙන වොෂින්ටනය තුළ එම පසුබිම ඇතිවීම එරට වෙසෙන මිලියන 03 ක හා මිලි 550ක ලෝක බෞද්ධයන් ලැබූ විශාල ගෞරවයක් ලෙස සැලකේ.

“බුදු තෙමගුල සමරණ එම අති උතුම් වෙසක් දිනය වොෂින්ටන් තුළ නිළ දිනයක් ලෙස නගරාධිපතිනිය ලෙස මා ප්‍රකාශයට පත් කරමි” එම නිවේදනයේ සඳහන් ය.

එසේම තානාපති සමරසිංහ මහතා හා සෙසු බෞද්ධ රටවල තානාපතිවරුන්ගේ ඉල්ලීමක් මත ඇමෙරිකානු ජනපති නිල නිවස ධවල මන්දිරයේදී දෙවන වරටත් මෙම 23 දා වෙසක් නිල සැමරුම උත්සවය පැවැත්වේ.

නගරාධිපතිනි බවුසර් හා ප්‍රධාන ලේකම් කිම්බර්ලි බැසෙට් වෙනුවෙන් ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ ඇන්තනි ඇන්ඩෲස් අදාළ නිල වෙසක් නිවේදනය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී තානාපති මහින්ද සමරසිංහ මහතාට බාරදුන් අතර එම තානාපති නිළධාරීන්ද ඊට එක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here