Home special ලංකාවෙන් ගිය සරණාගතයකු එංගලන්තයේ නගරාධිපති පුටුවකට

ලංකාවෙන් ගිය සරණාගතයකු එංගලන්තයේ නගරාධිපති පුටුවකට

ලංකාවෙන් ගිය සරණාගතයකු එංගලන්තයේ නගරාධිපති පුටුවකට

එංගලන්තයේ නැඟ‍ෙනහිර ඇන්ගිලාහි ඉප්ස්විච් ප්‍රදේශයේ නව නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකාවෙන් සරණාගතයෙකු ලෙස එරටට ගිය ඉලංගෝ එලවලකන් තේරූ පත්ව තිබේ.

එරට වාර්තා පවසන්නේ ඔහු එම තනතුර දරන පළමු හින්දු ජාතිකයා බවයි.

Ipswich Borough කවුන්සිලයේ වාර්ෂික රැස්වීමේ ඒකමතික ඡන්දයෙන් පසු කම්කරු මන්ත්‍රී ඔහුට මෙම භූමිකාව සම්ප්‍රදායානුකූලව භාරදී තිබේ.

‘මම අද ගොඩක් සතුටු වෙනවා, මේ මහා නගරයේ නගරාධිපති වීම ගැන මම ආඩම්බර වෙනවා.’ ඉලංගෝ මහතා පැවසීය.

‘යුද්ධයෙන් හා තාඩන පීඩනවලින් පලා ගොස්, නව ජීවිතයක් ගොඩනඟා මෙහි සමාජයට දායක වූ සරණාගතයෙකුගේ පණිවිඩයක් ඔහු සමාජයට ලබා දෙනු ඇත’ යැයි කවුන්සිලයේ නායක නීල් මැක්ඩොනල්ඩ් කීය.

ඉප්ස්විච් හි හින්දු සමාජයේ සභාපති ආචාර්ය සචින් කරලේ පැවසුවේ, ‘ඉප්ස්විච් නගරයේ පවතින විවිධත්වය සහ බහු සංස්කෘතිකත්වය හින්දු මිනිසෙකු නගරාධිපති බවට පත්වීම තුළින් පෙන්නුම් කරයි. ඇත්තටම මට ආඩම්බරයි.’ යනුවෙනි.

ශ්‍රී ලංකාව හැර ගිය ඉලංගෝ මහතා එක්සත් රාජධානියට යාමට පෙර ඉන්දියාවේ, උගන්ඩාවේ සහ රුවන්ඩාවේ ජීවත් වෙමින් විවිධ රැකියාවල නිරත වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here