Home special “චීන මහා ප්‍රාකාරය තම නිවස සේ සුරකින්න” -චීන ජනපති

“චීන මහා ප්‍රාකාරය තම නිවස සේ සුරකින්න” -චීන ජනපති

“චීන මහා ප්‍රාකාරය තම නිවස සේ සුරකින්න” -චීන ජනපති

 
ජනතාව තම නිවෙස් සුරකින ආකාරයෙන් ම මහා ප්‍රාකාරය ආරක්ෂා කරමින් ඒ පිළිබඳ සංස්කෘතිය ප්‍රචාරය කිරීමට අඛණ්ඩ උත්සාහයන් හි නිරත වනු දැකීම තම අපේක්ෂාව බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කියාසිටී. චීන මහා ප්‍රාකාරයේ කොටසක් පිහිටා ඇති බෙයිජිං අගනුවර, බාඩාලිං උපනගරයේ ෂීශ්‍යා ගම්මානයේ වැසියන්ට ලිපියක් යොමුකරමින් ඔහු මේ බව කියාසිටී.
 
14 වැනිදා නිකුත් කෙරුණු එම ලිපියෙන් ගම්මානයේ ජනතාවට සුබ පැතුම් එක් කරන ජනාධිපතිවරයා චීන මහා ප්‍රාකාර සංරක්ෂණය පිළිබඳ තම අපේක්ෂාවන් ද සඳහන් කර ඇත. චීන මහා ප්‍රාකාරය චීන ජාතිය සහ චීන ශිෂ්ටාචාරය පිළිබඳ වැදගත් සංකේතයකි. උද්‍යෝගිවත්භාවය, අධිෂ්ඨානය සහ සමගිය හා බැඳුණු දේශප්‍රේමී හැඟීමක් ඉන් උද්දීපනය කෙරේ. එම ඓතිහාසික උරුමය ආරක්ෂා කර අනාගත පරපුරට පවරා දීම සමස්ත චීන ජාතිකයන් වෙත පැවරෙන පොදු වගකීමක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
 
එසේම, චීන මහා ප්‍රාකාරය පිළිබඳ ජනතාවගේ අවබෝධය හා ආරක්ෂා කිරීමේ ආකල්ප වැඩිදියුණු කර, එහි පාරම්පරික පැවැත්ම තහවුරු කළ යුතු වේ.  එමගින් බලවත් සංස්කෘතික සමාජවාදී රටක් ගොඩනැගීමට ඔවුන් පෙළගැසෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here