Home උණුසුම් පුවත් සාපෙළ ඉවර වී ගෙදර යමින් සිටි සිසුවිය පැහැරගෙන ගිහින්

සාපෙළ ඉවර වී ගෙදර යමින් සිටි සිසුවිය පැහැරගෙන ගිහින්

සාපෙළ ඉවර වී ගෙදර යමින් සිටි සිසුවිය පැහැරගෙන ගිහින්
file Photo

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවස බලා ගමන් කරමින් සිටි සිසුවියක ඇගේ පෙම්වතා විසින් වෑන් රථයකින් අද පැහැරගත්තේය.

ඒ බව දුටු ඇය සමඟ විභාගයට මුහුණ දුන් මිතුරියන් වෑන් රථයේ අංකය සටහන්කරගෙන පොලීසියට ලබාදී තිබේ.

ඒ අනුව කටුගස්තොට කුළුගම්මන යටිහලගල ප්‍රදේශයේ දී අලදෙණිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වෑන් රථය නවතා සිව් දෙනෙක් අත්අඩංගුවට ගනිමින් සිසුවිය බේරාගෙන ඇත.

මෙම පැහැර ගැනීම දහවල් 12.30ත් 1.00ත් අතර කාලය තුළ සිදුව ඇත. අත්අඩංගුවටගත් සිව් දෙනා අතර මෙම සිසුවියගේ 24 හැවිරිදි පෙම්වතා ද සිටින බව පොලීසිය කියයි. විවහාකයෙක් වන ඔහු හමුදා සෙබලෙකි.

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමෙන් පසු මෙම සිසුවිය තමාව අතහැර යාවි යැයි සිතා මෙම පැහැර ගැනීම සිදුකර ඇති බව ප්‍රශ්න කිරීමේ හමුවේ අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here