Home special වෙඩිවැදුණු ස්ලෝවැකියානු අගැමතිට බරපතළයි

වෙඩිවැදුණු ස්ලෝවැකියානු අගැමතිට බරපතළයි

වෙඩිවැදුණු ස්ලෝවැකියානු අගැමතිට බරපතළයි

වෙඩි ප්‍රහාරයකට ලක්වූ ස්ලෝවැකියානු අග්‍රාමත්‍ය රොබට් ෆිට්සෝගේ තත්ත්වය බරපතළ බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

අද දින එළිමහනේ පැවති හමුවකට සහභාගී වූ අග්‍රමාත්‍යවරයාට නාදුනන පුද්ගලයෙකු විසින් එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාර කීපයකින් බපතරල තුවාල ලැබීය.

වෙඩි ප්‍රහාරයත් සමඟම අග්‍රාමත්‍යවරයාව වෛද්‍ය ප්‍රතිකාර වෙත රැගෙන ගියද පසුව ඔහුව වෙනත් රෝහලකට ගුවනින් මාරු කර යවා ඇති බවද ස්ලෝවැකියානු මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීම සිදුකල පුද්ගලයා එම ස්ථානයේදීම අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් මේවන විටත් ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වේ.

එරට බලධාරීන් ප්‍රකාශ කරන අන්දමට මෙම අග්‍රමාත්‍යවරයා ඝාතනය කිරීමට ඉලක්ක කර එල්ල වු වෙඩි ප්‍රහාරයක් වන අතර ඊට බලපෑ හේතුව මේවන තෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here