Home COVID රටටම සංචරණ සීමා දීර්ඝ කරන්නැයි විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති

රටටම සංචරණ සීමා දීර්ඝ කරන්නැයි විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති

රටටම සංචරණ සීමා දීර්ඝ කරන්නැයි විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති

අංජනා මල්ලවාරච්චි

රජය මගින් පනවා තිබෙන සංචරණ සහ අනෙකුත් සීමා කොරොනා වසංගතය පාලනය වන මට්ටමකට පැමිණෙන තෙක් තවදුරටත් පවත්වාගෙන යා යුතු යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට යෝජනා කරයි.

රජය මගින් පනවා ඇති සීමා නිසා තමන්ගේ එදිනෙදා කටයුතුවලට කෙතරම් බලපෑම් කළ ද බහුතර ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඒවාට උපේක්ෂාවෙන් මුහුණ දීමට ජනතාව කටයුතු කළ යුතු බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවැසීය.

කොරෝනා වසංගතය සීඝ්‍ර ලෙස වැඩි වුවහොත් පුද්ගල මරණ සංඛ්‍යාව ද වැඩි විය හැකි අතර සෞඛ්‍ය අංශ ද අඩපණ විය හැකි බව ලක්කුමාර් ප්‍රනාන්දු මහතා කීය.

කොරෝනා පාලනය කර රට නැවත යථා තත්ත්වයට පත් කිරීමට සියලු දෙනා පොදු අරමුණෙන් කටයුතු කළ යුතු බව ද හෙතෙම පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here