Home උණුසුම් පුවත් රුසියානු ජනපති චීන සංචාරයක

රුසියානු ජනපති චීන සංචාරයක

රුසියානු ජනපති චීන සංචාරයක

 
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා‍ගේ ඇරයුමක් අනුව, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා චීනයේ නිල සංචාරයකට එක්වෙයි.
 
ඒ අනුව, ඔහු ලබන 16 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා  චීනයට පැමිණෙනු ඇත. චීන වි‍දේශ අමාත්‍යාංශය අද (14) මේ බව නිවේදනය කළේය.
 
මේ අතර, චීන විදේශ අමාත්‍යාංශයේ අද (14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී එහි ප්‍රකාශක වං වෙන්බින් මහතා රුසියානු ජනාධිපතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ඉදිරිපත් කර ඇත. චීන – රුසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 75 සංවත්සරය මේ වසරට යෙදී තිබේ. එය නිමිති කරගනිමින් ද්විපාර්ශ්වික සබඳතාව හා විවිධ ක්ෂේත්‍රයන් හි සහයෝගිතා තර කිරීම කෙරෙහි දෙරට නායකයන්ගේ අවධානය යොමුවනු ඇතැයි වං වෙන්බින් මහතා  පැවසීය. 

එසේම, පොදු අවධානය යොමුවන ගෝලීය හා කලාපීය අර්බුද පිළිබඳව ද චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, පුටින් මහතා සමග සාකච්ඡා කරනු ඇතැයි හෙතෙම කියාසිටියේය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here