Home උණුසුම් පුවත් දිස්ත්‍රික් 5කට නායයාම් අවදානමක්

දිස්ත්‍රික් 5කට නායයාම් අවදානමක්

දිස්ත්‍රික් 5කට නායයාම් අවදානමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල බලපා ඇති වැසි සහිත කාලගුණය හමුවේ දිස්ත්‍රික් 5කට නායයාම් අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, රත්නපුර යන දිස්ත්‍රික්වල මෙම අවදානම හටගෙන ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, හපුතලේ, හල්දුම්මුල්ල, හාලි ඇල ප්‍රදේශවල,
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, යටිනුවර, උඩපළාත යන ප්‍රදේශවල,
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, වරකාපොල, දෙහිඕවිට, ගලිගමුව, කෑගල්ල ප්‍රදේශවල,
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ප්‍රදේශයේ සහ,
රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, ඉඹුල්පේ, රත්නපුර, කලවාන ප්‍රදේශවල නායයාමේ, විශාල ගල් පෙරලීමේ, ගස් කඩාවැටීමේ, පස් කඳු කඩාවැටීමේ අවදානම් සහිත බැවින් ඒ පිළිබඳ සැළකිළිමත් වන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here