Home උණුසුම් පුවත් පලස්තීනුවන් වෙනුවෙන් සජිත් විරෝධයට..

පලස්තීනුවන් වෙනුවෙන් සජිත් විරෝධයට..

පලස්තීනුවන් වෙනුවෙන් සජිත් විරෝධයට..

ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම්වලින් පීඩාවට පත් ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන්ට සහයෝගීතාව පළ කරමින් අද කොළඹදී පැවති විරෝධතාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක්ව තිබේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන් සහ එස්.එම්. මරික්කාර් සහ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ (ACMC) නායක රිෂාඩ් බදියුදීන් නිදහස් පලස්තීනයක් ඉල්ලා විරෝධතාවයට එක් විය.

කොල්ලුපිටියේ පැවති විරෝධතාවයට කුඩා ළමුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිනු දක්නට ලැබිණි.

‘ගාසාහි ජනසංහාරය වහා නවතනු!’ තේමා පාඨයෙන් යුත් විරෝධතාව, නිදහස් පලස්තීනයක් සඳහා වන ශ්‍රී ලංකා මිතුරු කැළ සංවිධානය විසින් සංවිධානය කර තිබුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here