Home උණුසුම් පුවත් විනිසුරු නිවසේ ආරක්ෂාවට සිටි කොස්තාපල් කරපු වැඩේ

විනිසුරු නිවසේ ආරක්ෂාවට සිටි කොස්තාපල් කරපු වැඩේ

විනිසුරු නිවසේ ආරක්ෂාවට සිටි කොස්තාපල් කරපු වැඩේ

දිසා අධිකරණ විනිසුරුවරයෙකුගේ නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙකු බීමතින් මහමඟ ගමන්කරමින් සිටියදී අවිස්සාවේල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම නිලධාරියා ඊයේ උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා කාලය තුළ විනිසුරු නිල නිවසේ සේවයට යොදවා සිට ඇත.

අවිස්සාවේල්ල පොලීසිය සඳහන් කරනු ලබන්නේ දිසා විනිසුරු නිල නිවසේ රාජකාරියේ යොදවා සිටි මෙම නිලධාරියා මෙදින දහවල් කාලයේදී අවිස්සාවේල්ල ශාන්ත මරියා විද්‍යාලය අසලදී පරීක්ෂාවට ලක්ව ඇත්තේ ජංගම රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසකටය.

එම අවස්ථාවේදී මෙම නිලධාරියාගේ කටින් මත්පැන්ගද වහනය වී ඇති බැවින් අවිස්සාවේල්ල අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත්කර කළ පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම නිලධාරියා බීමතින් සිටින බවය.

විනිසුරු නිල නිවසේ ආරක්ෂාවට යොදවා සිටි එම නිලධාරියා රාජකාරි වේලාව තුළ රාජකාරි ස්ථානයේ නොසිටීම හා බීමතින් සිටීම යන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here