Home උණුසුම් පුවත් අහස කැළඹෙයි -අද වගෙම හෙටත් වැසි

අහස කැළඹෙයි -අද වගෙම හෙටත් වැසි

අහස කැළඹෙයි -අද වගෙම හෙටත් වැසි

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් හෙට(14) දිනයේත් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.‍

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා සිටී.

අද දිනයේත් බොහෝ දිස්ත්‍රික්වලට වැසි තත්තවයේ වැඩිවීමක් සහ අකුණු අවදානම් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම අනාවැකි වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත. එය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here