Home උණුසුම් පුවත් ජපානයේ නගරාධිපතිවරයකුගෙන් ශ්‍රී ලංකාවට ගිලන් රථයක්

ජපානයේ නගරාධිපතිවරයකුගෙන් ශ්‍රී ලංකාවට ගිලන් රථයක්

ජපානයේ නගරාධිපතිවරයකුගෙන් ශ්‍රී ලංකාවට ගිලන් රථයක්

අංජනා මල්ලවාරච්චි

ජපානයේ කවාගුචි නගරාධිපති ශ්‍රී ලංකාවට ගිලන් රථයක් පරිත්‍යාග කළ බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය කියයි.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව ගුණසේකර මහතාගේ ඉල්ලීමක් මත එරට සයිතමා ප්‍රාන්තයේ කවාගුචි නගරයේ නගරාධිපති නොගුඔ මහතා විසින් මෙම උසස් තත්වයේ ගිලන් රථය ඉකුත් 27 වැනි දා ශ්‍රී ලංකාවට ලබා දී ඇත.

මෙම ගිලන් රථය ශ්‍රීලංකාවට ප්‍රවාහනය කිරීම සඳහා වන පිරිවැය හවාගුචි නගරයේ තොරතුරු තාක්ෂණ සමාගමක් විසින් භාරගෙන ඇතැයි ද තානාපතිවරයා කීය.

ශ්‍රී ලංකාව තුල ඉතා වේගයෙන් ඉහළ යන කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාව ඉතාම අගය කරන බවද ජපානයේ ශ්‍රී ලංකා තානාපති වරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here