මගී බස් රථයකින් ගමන්කරමින් සිටි පොලිස් කාන්තා නිලධාරිනියකගේ පපු ප්‍රදේශය ස්පර්ශකරමින් ලිංගික අඩත්තේටම් කළ පුද්ගලයකු පල්ලේකැලේ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
කුණ්ඩසාලේ පොලිස් රෝහලට අනුයුක්තව සේවයේ නිරතව සිටිි කොස්තාපල්වරියකට මෙසේ බස් රථය තුළ අතවර වී තිබේ.
මෙම කොස්තාපල්වරිය ශ්‍රී ලංගම බස් රථයකින් සිවිල් ඇදුමින් සැරසී පොලිස් රෝහල වෙත රාජකාරි සඳහා යමින් සිටියදී මෙම සිදුවීම වී ඇත.
ඇය සිටි අසුනේ වම්පස සිටි මෙම පුද්ගලයා විසින් ඇයට මෙම ලිංගික අඩත්තේටම කරන විට ඇය ඊට එරෙහිවී ඇතත් ඔහු දිගින් දිගටම ඇයට කරදර කර තිබේ. එවිට ඇය මේ බව දුරකථනයෙන් පල්ලේකැලේ පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව බස් රථය අතර මගදී පොලීසිය විිසින් නතරකර සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
අවුරුදු 36ක් වයසැති මෙම සැකකරු පොලිස් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමා කරන ක්‍රියාවට ඇය කැමැත්තක් දක්වන්නේ යැයි සිතා එසේ කළ බවය.