fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්‘Serenade of the Seas’ මගී නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරායට

    ‘Serenade of the Seas’ මගී නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරායට

    ‘Serenade of the Seas’ මගී නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) පැමිණ තිබේ.

    මගීන් 1,950 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 890 ක් රැගත් මෙම සුඛෝපභෝගී නෞකාව, හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ. 2024 වසර තුළ වරායේ සංචාරය කළ 10 වන මගී නෞකාව වන්නේ මෙයයි.

    2003 දී දියත් කරන ලද ‘Serenade of the Seas’ නෞකාව ගෝලීය සංචාරක නැව් සමාගමක් වන රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් හි Radiance Class යාත්‍රා වලින් එකකි. දුර ඈත විදේශීය ගමනාන්ත තරණය කිරීම සඳහා විශේෂයෙන් මෙම නෞකාව නිමවා ඇත.

    නෞකාව සාදරයෙන් පිළිගත් වරාය නිලධාරීන් සමරු ඵලක හුවමාරු කිරීමේ උත්සවයක්ද නැව මත පැවැත් වූ අතර නැවේ දේශීය ඒජන්තවරුන් වන පෘඩෙන්ෂල් නැව් සමාගමද එයට සහභාගී විය. නෞකාව නැවත ගමන් අරඹන්නේ කොළඹ වරාය වෙතටයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.