Home special “ඇමරිකාවේ උදව් නැතිවත් ප්‍රහාර අඛණ්ඩව” -ඊශ්‍රායල අගමැති

“ඇමරිකාවේ උදව් නැතිවත් ප්‍රහාර අඛණ්ඩව” -ඊශ්‍රායල අගමැති

“ඇමරිකාවේ උදව් නැතිවත් ප්‍රහාර අඛණ්ඩව” -ඊශ්‍රායල අගමැති

 
 
ඊශ්‍රායලය මේ වනවිට වඩාත් ශක්තිමත් ව සිටින අතර, ඇමරිකානු සහාය නොලැබුණ ද තනිව සටන් කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි. ඔහු ඊයේ (9) ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.
 
රෆා අගනුවරට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් එරටට අධිබර උණ්ඩ බෙදාහැරීම අත්හිටුවීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇති බව, ඇමරිකානු ජාතික ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ඉකුත් 8 වැනිදා පැවසීය. ඊශ්‍රායල අගමැතිවරයා ඉහත අදහස් පළ කළේ මීට ප්‍රතිචාර වශයෙනි.
 
මේ අතර, ඊජිප්තුවේ කයිරෝ අගනුවර පැවති සටන් විරාම සාකච්ඡා බිඳ වැටුණු බව ද ඊශ්‍රායල නිලධාරියෙක් ඊයේ (9) ප්‍රකාශ කළේය. කයිරෝ ප්‍රවෘත්ති මධ්‍යස්ථානයට අනුව, ගාසා තීරයේ සටන් විරාමය පිළිබඳ සාකච්ඡා අඩාල වූ පසු හමාස් සංවිධානය, ඊශ්‍රායලය, කටාර් සහ ඇමරිකාව යන පාර්ශ්ව නියෝජනය කළ පිරිස ඊජිප්තුවෙන් පිටත් ව ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here