Home උණුසුම් පුවත් වසරකට පසු මුජිබර් යළි මැතිසබේට

වසරකට පසු මුජිබර් යළි මැතිසබේට

වසරකට පසු මුජිබර් යළි මැතිසබේට

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස මුජිබර් රහුමාන් මහතා අද(10) පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දී තිබේ.

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදීයි.

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ද්විත්ව පුරවැසිභාවය සහිත තැනැත්තකු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් පසුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මුජිබර් රහුමාන් මහතා මෙලෙස දිවුරුම් දී තිබුණි.

මුජිබර් රහුමාන් මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළත් පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවේ සමගි ජනබලවේගයේ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීම සදහා පසුගිය වසරේ ජනවාරි මාසයේදී මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

සමගි ජනබලවේගයෙන් මන්ත්‍රීවරියක ලෙස පැමිණිය ද පසුව ඩයනා ගමගේ මහත්මිය කටයුතු කළේ ආණ්ඩුවට පක්ෂව ය.

ඇය සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ලෙසද කටයුතු කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here