තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ඩයනාට පුටුව නැතිවීමෙන් පාර්ලිමේන්තුවට ලොකු නිදහසක් ලැබුණා"

    “ඩයනාට පුටුව නැතිවීමෙන් පාර්ලිමේන්තුවට ලොකු නිදහසක් ලැබුණා”

    සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමිවීම පිළිබඳව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී අදහස් පළකර තිබේ.

    ඒ මහතා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් එම තීන්දුවට තමන් ගරුකරන බවයි.

    මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

    “ගරු කථානායකතුමනි, ඔබතුමාට සහ පාර්ලිමේන්තුවට වැදගත් දෙයක් මේක. විශේෂයෙන්ම අධිකරණය අද වැදගත් තීන්දුවක් ලබාදීලා තියනවා. ඒක තමයි පුරවැසිභාවය පිළිබඳ තිබු නඩුවකදී පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය අද ඉදලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් නෙමෙයි. අපි ගරු කරනවා අධිකරණයට. ඒ වගේම මේ පාර්ලිමේන්තුවට විශාල නිදහසක් ලැබුණා කියලාත් කතානායකතුමාටත් විශාල නිදහසක් ලැබුණා කියලත් මතක් කරනවා.”

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img