තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්මඩකලපුවේ ඇගළුම් කර්මාන්ත ශාලාවකිනුත් 71 ක කොවිඩ් පොකුරක්

    මඩකලපුවේ ඇගළුම් කර්මාන්ත ශාලාවකිනුත් 71 ක කොවිඩ් පොකුරක්

    මෙරට ප්‍රසිද්ධ ඇගළුම් නිෂ්පාදන ආයතනයක මඩකලපුව, ආරයන්පතිහි පිහිටි කර්මාන්ත ශාලාවේ සේවය කරන 71 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.

    කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ඉකුත් 27 වෙනිදා ලක්කිරීමේදී මෙම ආසාදිතයන් හදුනාගෙන තිබේ.

    මෙම ඇගගුළුම් කර්මාන්ත ශාලාවේ 3000ක පමණ සේවක සේවිකාවන් පිරිසක් සේවයේ නිරතව සිටිති. මේ දිනවල එම කර්මාන්ත ශාලාවේ සේවකයින් සේවයට කැදවා ඇත්තේ කණ්ඩායම් වශයෙනි. කර්මාන්ත ශාලාව මේ වන විට වසා දමා විෂබීජ හරණය කර ඇති බව මඩකලපුව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img