Home උණුසුම් පුවත් රජයෙන් නොමිලේ දෙන හාල් බාල ද? විකුණනවද? -වහාම පරීක්ෂණයක්

රජයෙන් නොමිලේ දෙන හාල් බාල ද? විකුණනවද? -වහාම පරීක්ෂණයක්

රජයෙන් නොමිලේ දෙන හාල් බාල ද? විකුණනවද? -වහාම පරීක්ෂණයක්

රජය විසින් පීඩාවට පත් ජනතාවට නොමිලේ බෙදන සහල් තත්ත්වයෙන් බාල සහ මුදලට ලබාදීම් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන සොයාබලන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් දී තිබේ.

ඒ අනුව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ සිදුකොට ඊට අදාල වාර්තාවන් සතියක් තුල කඩිනමින් තමන් වෙත ලබා දෙන ලෙසයි.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජන කණ්ඩායම් ඉලක්ක කොට ඔවුන් සඳහා සහල් සහනාධාරයක් ලබාදීමට රජය පසුගියදා තීරණය කර තිබුණි.

ඒ අනුව ඛාණ්ඩ කීපයක් යටතේ මෙම සහනාධාරය ලබාදීම මේ වනවිට දිවයින පුරා සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ.

මේ වැඩසටහන යටතේ පසුගියදා බදුල්ල දිස්ත්‍රික්කයේ බෙදා දෙන ලද සහල් තත්ත්වයෙන් බාල ඒවා ලෙස ඇතැම් අය චෝදනා කල අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ අදාල සහල් මුදලට විකිණීමක් සිදුව ඇතැයි චෝදනා එල්ල වී ඇත.

එමෙන්ම ඉදිරියේදී මෙම වැඩසටහන වඩා විධිමත්ව සිදුවනවාද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් යෙදවීමට ද බලාපොරොත්තු වන බව අමාත්‍යංශය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here