Home උණුසුම් පුවත් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 14ක් වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 14ක් වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 14ක් වතුර නෑ

කොළඹ ප්‍රදේශ ගණනාවකට අද (27) පස්වරු 5.00 සිට පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවෙයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරන්‍නේ කොළඹ 5 සහ 6, දෙහිවල, ගල්කිස්ස, මොරටුව නගර සභා බල ප්‍රදේශ, ජයන්තිපුර හා පැලවත්ත ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවය.

අද පස්වරු 5.00 සිට හෙට පෙරවරු 7.00 දක්වා පැය 14ක කාලයක් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සැලසුම් කර ඇත.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරිමේ කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here