තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාතාල මර්දනයට පොලිස් යතුරු පැදි බළකායක්

    පාතාල මර්දනයට පොලිස් යතුරු පැදි බළකායක්

    පාතාල අපරාධ මැඩපැවැත්වීමට විශේෂ බලකා පුහුණුව ලත් පොලිස් නිළධාරීන් 100කින් සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50 ක් බස්නාහිර සහ දකුණු පළාත්වලට යෙදවීමට පොලිසිය තීරණය කර ඇත.

    යුක්ති මෙහෙයුමට සමගාමීව බස්නාහිර සහ දකුණ පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවන පාතාල අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම බළකාය ක්‍රියාත්මක වේ.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් 100 ක ගෙන් සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50 ක් අද(25) දින කටුකුරුන්ද විශේෂ බළකා පුහුණු කදවුරේ සති 02 ක පුහුණුව සාර්ථකව අවසන් කර විසිර ගොස් ඇත.

    මෙම විශේෂ පුහුණුව ලත් යතුරු පැදි කණ්ඩායම් අද දින සිට බස්නාහිර සහ දකුණ පළාතේ විශේෂයෙන් හදුනාගත් පොලිස් වසම් ආවරණය වන පරිදි සංචාරය කිරීමට නියමිත ඇති අතර, අපරාධකරුවන් වෙත ක්ෂණිකව හඹාගොස් අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියාත්මක වනු ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img