තවත්
    මුල් පිටුවදේශීය පුවත්විල්ගමුව පොලීසියෙන් ටී 56 අවිය ඉස්සූ සැකකරු අල්ලයි

    විල්ගමුව පොලීසියෙන් ටී 56 අවිය ඉස්සූ සැකකරු අල්ලයි

    විල්ගමුව පොලිස් ස්ථානයේ මුරකුටියේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සතුව තිබුණු ටී 56 අවිය සොරාගත් සැකකරු මාස 02කට පසු අත්අඩංගුවට ගැනීමට විල්ගමුව පොලිසිය සමත්ව ඇත.

    යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත්ව සිටින 36 හැවිරිදි වියේ පසුවන එම සෙබලා විල්ගසුව නුගගොල්ලේ පදිංචිකරුවෙකි.

    නීති විරෝධි මත්පැන් පෙරීමේ ජාවාරමක නිරතව සිටින මෙම පුද්ගලයාට එරෙහිව කසිප්පු නඩු 50ක් ඇති බව පොලීසිය කියයි. ගිනි අවිය සොරාගැනීම සිදුවන්නේ මාර්තු 26 වෙනිදා අලුයම් කාලයේදීය. ඊට පෙර දිනයේත් පොලීසිය ඔහු මත්පැන් පෙරමින් සිටි ස්ථානයක් වටලා ඇත. එහිදී මෙම සැකකරු දිවගොස් බේරී ඇතත් මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ පොලිස් භාරයට ගෙන තිබේ.

    මේ නිසා පොලීසිය සමඟ උරණ වූ සැකකරු මත්පැන් පානයකර පැමිණ 26 වෙනිදා අලුයම් කාලයේදී ගිනි අවිය සොරාගෙන ගොස් ඔහු පදිංචි ගෙවත්තේ පිහියි නිවසට දමා ඇති බව පොලීසිය කියයි.

    ගිනි අවි සොරකම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා සැකයට ලක්ව පොලීසිය ඔහු ගැන තොරතුරු සෙවීමට පටන් ගැනීමත් සමඟ අඹුදරුවන්ද සමඟ නිවසින් පළාගිය මෙම පුද්ගලයා පෙරේදා රාත්‍රී කාලයේ නැවත ගමට පැමිණ ගිනි අවිය ලිදෙන් ගොඩගෙන කොන්ගහවෙල හන්දියේ පිහිටි බුදුකුටියේ තබා ඊයේ පොලීසියට දුරකථන ඇමතුමක් දී ගිනි අවිය එහි ඇති බව පවසා ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය. ඒ අනුව පොලීසිය ඊයේ එම අවිය සොයාගෙන සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අරගලංවිල සැඟවී සිටියදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img