Home දේශීය පුවත් සී.අයි.ඩී. වෙසින් මහමගදී කතක් බිය ගන්වා යතුරුපැදියක් කොල්ලකයි

සී.අයි.ඩී. වෙසින් මහමගදී කතක් බිය ගන්වා යතුරුපැදියක් කොල්ලකයි

0
සී.අයි.ඩී. වෙසින් මහමගදී කතක් බිය ගන්වා යතුරුපැදියක් කොල්ලකයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීයකු ලෙස පෙනී සිටිමින් යතුරුපැදියක ගමන්කරමින් සිටි කාන්තාවක් බිය ගන්වා ඇගේ යතුරුපැදිය කොල්ලකෑ පුද්ගලයෙකුව පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

මෙම යතුරපැදි කොල්ලය සිදුව ඇත්තේ ඊයේ සවස 6.30ට පමණ පුත්තලමේ පුද්ගලික රෝහලක් ඉදිරිපිටදීය.

පුත්තලම විල්ලුව වත්තේ පදිංචිකාරියක් වූ 20 හැවිරිදි වියේ පසුවන තරුණියක් බිය ගන්වමින් මෙම කොල්ලය සිදුකර තිබේ.

යතුරුපැදිය පරීක්ෂා කිරීමේ මුවාවෙන් මෙම කොල්ලය සිදුකර ඇති අතර යතුරු පැදිය රැගෙන ගොස් ඇත්තේ මෙම තරුණිය යතුරුපැදියෙන් ඇද දමාය.

මේ සම්බන්ධයෙන් පොලීසියට ඇය කළ පැමිණිල්ලකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ යතුරුපැදියේ අංකය ඔස්සේ කළ පරීක්ෂාවකදීය. අවුරුදු 29ක් වන එම කොල්ලකරු මරදන්කඩවල පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here