Home දේශීය පුවත් සෙල්ෆියක් ගන්න ගිය බිරිඳ මුහුදට වැටේ – බිරිඳ බේරගන්න ගිය සැමියා දියේ ගිලී මැරේ

සෙල්ෆියක් ගන්න ගිය බිරිඳ මුහුදට වැටේ – බිරිඳ බේරගන්න ගිය සැමියා දියේ ගිලී මැරේ

0
සෙල්ෆියක් ගන්න ගිය බිරිඳ මුහුදට වැටේ – බිරිඳ බේරගන්න ගිය සැමියා දියේ ගිලී මැරේ

මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින ඉන්දියානු යුවලක්
මිරිස්ස ගිරාගල ප්‍රදේශයේ මුහුදු තීරයේදී ඊයේ සැරිසරමින් සිටියදී බිරිඳ විසින් සෙල්ෆියන් ගනිමින් සිටියදී මුහුදට වැටී ඇත.

එම අවස්ථාවේදී ඇයව බේරා ගැනීමට මුහුදට පැන්න සැමියා දියේ ගිලී මියගොස් ඇති බව කොටවිල පොලීසිය කියයි.

මෙම අවස්ථාවේදී මුහුදු තීරයේ රැදී සිටි පිරිස විසින් ඔවුන් දෙදෙනාවම ගොඩට ගත්තද සැමියා පසුව මියගොස් ඇති බව පොලීසිය කියයි.

බිරිඳ අවුරුදු 28ක් වන තැනැත්තියක් බවත් සැමියා 34 වියේ පසුවන්නෙක් බවත් පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here