තවත්
    මුල් පිටුවදේශීය පුවත්කැනඩාව පෙන්වා මුදල් ගැරූ හොර ඒජන්සිකරු කොටුකර ගනී

    කැනඩාව පෙන්වා මුදල් ගැරූ හොර ඒජන්සිකරු කොටුකර ගනී

    කැනඩාවේ රැකියා සඳහා පිටත්කර යවන බව පවසමින් පුද්ගලයින් රවටා මුදල් ලබාගෙන වංචාකිරීමක නිරතව සිටි පුද්ගලයකු බඩල්ගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම පුද්ගලයා කැනඩා රැකියා පෙන්වමින් මුදල් වංචාකර ඇත්තේ පන්නල පොලිස් වසමේ නීති විරෝධි විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යමිනි.

    පොලීසියේත් දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින් ඇතුළු විවිධ බලවත් උදවිය සමඟ හිතවත්කම් පවත්වමින් මෙම වංචාවේ නිරතව සිටි පුද්ගලයා අවුරුදු 29ක් වයසැති සඳලංකාව ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මෙම පුද්ගලයා කැනඩා රැකියාවට යවන බව සඳහන් කරමින් විවිධ ප්‍රමාණයන්වලින් මුදල් ලබාගන්නා බවත් එසේ කාන්තාවකගෙන් සහ පිරිමි පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 02ක මුදලක් ලබාගැනීමට බඩල්ගම නගරයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

    සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී කැනඩා යවන බව පවසා වීසා ගැසීමට යැයි කියා රැවටීමට ලක්කර විවිධ පුද්ගලයින්ගෙන් ලබාගත් විදේශ ගමන් බලපත්‍ර 50ක්ද සොයාගත් බව බඩල්ගම පොලීසිය කියයි.

    විදේශසේවා නියුක්ති කාර්යාංශයේ ද සහය ඇතිව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img