තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රුසියානු හමුදාවට ගිය මෙරට හමුදා සාමාජිකයන්ගේ ජීවිත අවදානමක

    රුසියානු හමුදාවට ගිය මෙරට හමුදා සාමාජිකයන්ගේ ජීවිත අවදානමක

    රුසියානු හමුදාවේ සහායක සේවා කටයුතු සඳහා යැයි පවසමින් මෙරට හමුදාවේ විශ්‍රාම ගිය සැලකිය යුතු පිරිසක් රුසියාවට රැගෙන ගොස් අවි පුහුණුව නැවත ලබාදෙමින් කුලී හේවායන් ලෙස රුසියානු ඉදිරි ආරක්ෂක වළල්ලට යොදවන බව රුසියානු හමුදාවෙන් පළාවිත් මේ වනවිට මෙරට සිටින යුද හමුදාවේ විශ්‍රාමිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට දින කිහිපයකට පෙර පැමිණිල්ලක් කර තිබේ.

    රුසියානු හමුදාවේ ඉදිරිපෙළ ආරක්ෂක වලල්ලට මෙරට හමුදා සාමාජිකයන් යොමු කිරීම හේතුවෙන් ඒ අය මේ වන විට රුසියානු හමුදාවෙන් පළායාමට පටන්ගෙන ඇති බවද එරටින් ලැබෙන තොරතුරු සඳහන් කරයි.

    එක් පුද්ගලයෙක් පළාවිත් ඇත්තේ ඒ අනුව බවත් තවත් අය විටෙන් විට පළායාමට පටන්ගෙන ඇතිබවත් තතුදත් එරටින් ලැබෙන තොරතුරු සඳහන් කළේය.

    එසේ පළායන බොහෝ දෙනෙක් මෙරටට නොපැමිණ යුරෝපයේ වෙනත් රටවල රැකියා සොයා යන බවද සඳහන්ය.

    මෙම ජාවාරම සිදුකරන පුද්ගලයන් හා ඒජන්සි සම්බන්ධයෙන් බොහෝ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙමින් මෙරටට පැමිණ සිටින හමුදා සෙබලා පවසා ඇත්තේ රුසියානු හමුදාවේ කුලී හේවායන් ලෙස යොදවා ඇති ශ්‍රී ලාංකික විශ්‍රාමික හමුදා සෙබළුන් අන්ත ලෙස දුක්විඳින බවයි. බිලි බෝයි ලෙස යොදා ගන්නා ඔවුන්ට පළායාමද එතරම්පහසු නැත. මේ වන පළාගොස් ඇති බොහෝ අය පළාගොස් ඇත්තේ ගූගල් සිතියම් ඔස්සේ බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

    දින ගණනක් නිරාහාරව සිට කැලෑ මාර්ගයක් ඔස්සේ ගමන් කොට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ද සහාය ඇතිව මෙරටට පැමිණි බව රුසියානු හමුදාවෙන් පලා ආ ශ්‍රී ලාංකිකයා පවසා තිබේ. රුසියානු භාෂාවෙන් ඇති ලියකියවිලි පෙන්වා මෙම වංචාව සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img