Home උණුසුම් පුවත් ආච්චි බීමතින් සිව්මහල් ගොඩනැගිල්ලෙන් පැන නසී

ආච්චි බීමතින් සිව්මහල් ගොඩනැගිල්ලෙන් පැන නසී

0
ආච්චි බීමතින් සිව්මහල් ගොඩනැගිල්ලෙන් පැන නසී

බම්බලපිටියේ පිහිටි මහල් නිවාසයක සිව්වෙනි මහලෙන් බිමට පැන්න 86 හැවිරිදි බීමත් කාන්තාවක් මියගොස් ඇත.

මෙම කාන්තාව මෙලෙස මහල් නිවාසයේ සිව්වන මහලෙන් බිමට පැන ඇත්තේ ඊයේ (10) ය.

බිමට වැටුණු ඇය බරපතල තුවාල ලබා සිටියදි අවට සිටී පිරිස් එක්ව කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇත. ඇය රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රෝහල්ගත කිරීමෙන් අනතුරුවය.

මෙම කාන්තාව විවහා දෙකක් කරගත් තැනැත්තියකි. පළමු විවාහයේ ලොකු පුතා සමග මෙම මහල් නිවාසයේ ජීවත්වන බව පොලීසිය කියයි.

මත්පැන්වලට ඇබ්බැහිව සිටි මෙම කාන්තාව ඊයේත් බීමත්ව හතරවෙනි මහලෙ සිට ඇගේ පාද ගොඩනැගිල්ලෙහි ආරක්ෂක බැම්මෙන් පිටතට දමා කෑකෝ ගසමින් සිට ඇති බව අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here