Home උණුසුම් පුවත් අඬබෙර ගසමින් නැකැත්කරු අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

අඬබෙර ගසමින් නැකැත්කරු අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

අඬබෙර ගසමින් නැකැත්කරු අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි සිදු විය.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කරන ලද නිවැරදි නැකැත් සීට්ටුව මෙලෙස ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමඟ පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ලිප ගිනි දැල්වීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම සහ නව වසරේ රැකියා සඳහා පිටත්ව යාම ආදී සුබ මුහුර්තයන් නැකත් සීට්ටුවට ඇතුළත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here