Home උණුසුම් පුවත් විදුලිබල නව පනත් කෙටුම්පත කැබිනට්ටුවේ අනුමතයි

විදුලිබල නව පනත් කෙටුම්පත කැබිනට්ටුවේ අනුමතයි

විදුලිබල නව පනත් කෙටුම්පත කැබිනට්ටුවේ අනුමතයි

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අද හිමිව තිබේ.

විදුලබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ විදුලිබල අංශයේ නව පනත් කෙටුම්පතේ සංශෝධිත පිටපත ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අනුමැතිය හිමි වූ බවයි.

පනත් කෙටුම්පත අප්‍රේල් මස අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මෙම සතියේ ගැසට් කිරීමට නියමිතය.

එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ සිට සති 2 ක කාලයක් පනත් කෙටුම්පත අභියෝගයට ලක්කිරීම සඳහා මහජනතාවට හිමිවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here