තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රීලනිපයේ පුටු පෙරළියක්

    ශ්‍රීලනිපයේ පුටු පෙරළියක්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර තිබේ.

    එමෙන්ම එහි වැඩබලන ලේකම්වරයා ලෙස ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පත්කර ඇති බව ද වාර්තා වේ.

    කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද පැවති ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම පත්කිරීම් සිදුකර ඇත.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීම එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙම රැස්වීමට හිටපු ජනාධිපතිනි සහ හිටපු ශ්‍රීලනිප නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සහභාගී වී සිටින බවට ද වාර්තා විය.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රීලනිප සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් පසුගිය සතියේ කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරිණි.

    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගොනු කළ පැමිණිල්ලකට අනුව මෙම අධිකරණ නියෝගය නිකුත් කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img