තවත්
    මුල් පිටුවspecialලෝකෙ වටෙන්ම ආ විරෝධයෙන් ඊශ්‍රායලයේ සියලු මැක්ඩොනල්ඩ්ස් අවන්හල් යළි මව් සමාගමට

    ලෝකෙ වටෙන්ම ආ විරෝධයෙන් ඊශ්‍රායලයේ සියලු මැක්ඩොනල්ඩ්ස් අවන්හල් යළි මව් සමාගමට

    ඊශායලයේ පිහිටි සිය සියලුම ශාඛාවල හිමිකාරිත්වය තමන් වෙත පවරා ගැනීමට මැක්ඩොනල්ඩ්ස් සමාගම පියවර ගෙන තිබේ.

    ඊජිප්තුව
    මැලේසියාව

    ඊට හේතු‍වී ඇත්තේ ක්ෂණිකව එහෙත් විශාල වශයෙන් මැක්ඩොනල්ඩ්ස් ආහාර අලෙවිය පහත බැසීමයි.

    මෙම හදිසි වෙනසට හේතුවී තිබුණේ ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහි යුද්ධයේදී ඊශ්‍රායලයට දක්වන ලද සහයෝගය සම්බන්ධයෙන් මැක්ඩොනල්ඩ්ස් වර්ජනය කිරීම හේතුවෙනි.

    පසුගිය ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායල-ගාසා යුද්ධය ආරම්භයේදී මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ඊශ්‍රායලය තුළ පවත්වාගෙන යන ඇලෝනියල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීන් ඔම්රි පදන් විසින් ඊශ්‍රායල හමුදාවන්ට නොමිලේ ආහාර ලබාදීමෙන් පසුව මැක්ඩොනල්ඩ්ස් සමාගම විවේචනයට ලක් විය.

    මේ හේතුවෙන් කුවේට්, මැලේසියාව සහ පකිස්ථානය වැනි මුස්ලිම් බහුතරයක් සිටින රටවල් ඊශ්‍රායලයට සහය දැක්වීම සඳහා මැක්ඩොනල්ඩ්ස් සමාගමෙන් ආහාර නොගන්නා ලෙස ලෝකයාට ප්‍රකාශ නිකුත් කිරීමෙන් පසුව බොහෝ රටවල ජනතාව මැක්ඩොනල්ඩ්ස් වර්ජනය කිරීමට පටන් ගෙන තිබුණි.

    ඊශ්‍රායලයේ පවතින මැක්ඩොනල්ඩ්ස් අවන්හල් සංඛ්‍යාව 225ක් පමණ වේ.

    පසුගිය කාලය තුළ විවිධ රටවල මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ඉදිරිපිට ඊට එරෙහිව ගාසාහි අර්බුදයට පත්් ජනතාවට සහය දක්වමින් වර්ජන රැළි ක්‍රියාත්මක විය.

    මැක්ඩොනල්ඩ්ස් ප්‍රකාශ කළේ ,ඊශ්‍රායල් වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වීමට කැපවී සිටින බවත් වෙළඳපල තුළ ධනාත්මක පාරිභෝගික අත්දැකීමක් සහතික කිරීමට ඉදිරියට යන බවත්ය.

    ඇලෝනියල් ප්‍රධාන විධායක ඔම්රි පදන් පවසා තිබුණේ මෙවැන්නකි. ‘අනාගතයේ පවතින දෙයින් අපි දිරිමත් වෙනවා’.

    ප්‍රබෝධා හෙට්ටිආරච්චි

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img