Home උණුසුම් පුවත් නිදහස් ජනතා සභාවේ කෑල්ලක් හෙට සජිත් සමඟ සන්ධානෙට

නිදහස් ජනතා සභාවේ කෑල්ලක් හෙට සජිත් සමඟ සන්ධානෙට

නිදහස් ජනතා සභාවේ කෑල්ලක් හෙට සජිත් සමඟ සන්ධානෙට

නිදහස් ජනතා සභාව සහ සමගි ජනබලවේගය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඉදිරි මැතිවරණයේදී එක්ව කටයුතු කිරීමට නියමිත බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

වත්මන් රජය පරාජය කිරීම සඳහා එක්ව කටයුතු කිරීම අවබෝධතා ගිවිසුමේ ප්‍රධාන ඉලක්කය බව ඔහු පැවසීය.

හෙට උදෑසන 9.45ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දෙපාර්ශ්වය අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබා විපක්ෂ නායක කාර්යාලයට ගොස් සෙසු පක්ෂ සමඟ ද සාකච්ඡා කරන බව ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

“අලි-පොහොට්ටු ආණ්ඩුව පෙරළීමට ගොඩනැගෙන මහා සන්ධානය ගොඩනගන්න අපි කටයුතු කරනවා. නිදහස් ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා හෙට සහභාගි වෙන්නේ නෑ. නමුත් ඉදිරියේදී සම්බන්ධ වේවි කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ සන්ධානය දකුණට යා නොදී මැද තියාගන්න නම් ඩලස් අලහප්පෙරුම මහතා වැනි උදවියගේ සහභාගිත්වය අවශ්‍යයි.” යැයි ද හෙතෙම කීය.

මෙම සන්ධානය සඳහා ඉදිරියේදී තවත් පක්ෂ ගණනාවක් එක්වනු ඇති බවට ආරංචි පවතින බව ද හෙතෙම කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here