Home special ශ්‍රීලන්කන් ගුවන් සමාගම ගැන කැබිනට්ටුවෙන් තීරණයක්

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ගැන කැබිනට්ටුවෙන් තීරණයක්

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ගැන කැබිනට්ටුවෙන් තීරණයක්

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා මෙහෙයුම් කල්බදු යටතේ පුළුල් බඳ සහිත ගුවන්යානා හතරක් (04) ලබා ගැනීමට රජය තීරණය කරයි.

ඒ අනුව පුළුල් බඳ සහිත ගුවන්යානා පහක (05) අවශ්‍යතාවයෙන් ගුවන්යානා දෙකක් (02) මෙහෙයුම් කල්බදු යටතේ ලබා ගැනීමට කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම පිණිස 2024-03-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව මෙම පියවර ගැනේ.

ඒ අනුව අතිරේක ගුවන්යානාවක් සහිතව පහත සඳහන් පරිදි පුළුල් බඳ සහිත ගුවන්යානා හතරක් (04) මෙහෙයුම් කල්බදු යටතේ ලබාගැනීම සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයාඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

  • ORIX Aviation වෙතින් වසර 06ක කාලසීමාවක් සඳහා මාසිකව ඇමෙරිකානු ඩොලර් 360,000ක බදු කුලියකට ගුවන්යානා 02ක් ලබා ගැනීමට අදාළ කොන්ත්‍රාත්තු.

  • Aergo Capital Limited වෙතින් වසර 08ක බදු කාලසීමාවකට මාසිකව ඇමෙරිකානු ඩොලර් 365,000 බදු කුලියකට ගුවන්යානා 02ක් ලබා ගැනීමට අදාළ කොන්ත්‍රාත්තු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here