Home උණුසුම් පුවත් විශ්‍රාම වැටුප්-දීමනා-ආධාර ගන්න බැරිවූ අයට හෙට තැපැල් කන්තෝරුවෙන්

විශ්‍රාම වැටුප්-දීමනා-ආධාර ගන්න බැරිවූ අයට හෙට තැපැල් කන්තෝරුවෙන්

විශ්‍රාම වැටුප්-දීමනා-ආධාර ගන්න බැරිවූ අයට හෙට තැපැල් කන්තෝරුවෙන්

අංජනා මල්ලවආරච්චි

විශ්‍රාම වැටුප්, ගොවි, ධීවර විශ්‍රාම වැටුප් වැඩිහිටි දීමනා සහ මහජන ආධාර ලබා ගැනීමට නොහැකි වූ පිරිස්වලට හෙට (28) සහ අනිද්දා (29) යන දිනවල තැපැල් කාර්යාල වෙත ගොස් එම දීමනා ලබා ගත හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

තැපැල් කාර්යාල හෙට සහ අනිද්දා දිනවල පෙරවරු 9.30 සිට පස්වරු 2 දක්වා ඒවා ලබා ගත හැකි බවද තැපැල්පතිවරයා කීය.

හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත, ආදිය රැගෙන ප්‍රතිලාභීන්ට තැපැල් කන්තෝරු වෙත ගොස් අදාළ වැටුප් සහ දීමනා ලබා ගත හැකි බව තැපැල්පතිවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here