Home උණුසුම් පුවත් රුසියා-යුක්‍රේන හමුදාවලට බැ‍ඳ‍ෙන්න යන ලාංකිකයන්ට රජයෙන් දැනුම්දීමක්

රුසියා-යුක්‍රේන හමුදාවලට බැ‍ඳ‍ෙන්න යන ලාංකිකයන්ට රජයෙන් දැනුම්දීමක්

රුසියා-යුක්‍රේන හමුදාවලට බැ‍ඳ‍ෙන්න යන ලාංකිකයන්ට රජයෙන් දැනුම්දීමක්

රුසියානු සහ යුක්‍රේන හමුදාවන්ට නීතිවිරෝධී ක්‍රමවලින් එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම්දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

රුසියානු සහ යුක්‍රේන හමුදාවන්ට මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් එක්වන බවට තොරතුරු අනාවරණය වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ කිසිදු සබඳතාවයක් නොමැති බව එම අමාත්‍යංශය අවධාරණය කර සිටී.

ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් රුසියානු සහ යුක්‍රේන හමුදාව සේවයට යොමුකිරීම සඳහා මෙරට හමුදාව සහ රුසියානු හමුදාව අතර කිසිදු එකඟතාවක් නොමැති පසුබිමක මෙවැනි සිදුවීම් මෙරට කීර්තිනාමයට හානියක් එල්ල කරන බව ද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම තත්ත්වය තුළ මෙරට හමුදා සාමාජිකයින්ට රුසියානු සහ යුක්‍රේන හමුදා සමග එක්නොවන ලෙස එම අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here