Home උණුසුම් පුවත් අවම වැටුප වැඩි කරයි

අවම වැටුප වැඩි කරයි

අවම වැටුප වැඩි කරයි

ජාතික අවම වැටුප් තලය ඉහළ දැමීමට රජය තීරණය කරයි.

ඒ අනුව අවම මාසික වැටුප රුපියල් 17,500/- දක්වා රුපියල් 5,000/-කින් ඉහළ දැමෙනු ඇත. මීට පෙර අවම වැටුප් තලය පැවතියේ. රුපියල් 12,500/- ක් ලෙසයි.

ජාතික අවම දෛනික වැටුප රුපියල් 500/- සිට 700/- දක්වා රුපියල් 200/-කින් වැඩි කිරීමට අපේක්ෂා කෙරේ.

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය පනතේ විධිවිධාන පරිදි ජාතික අවම වැටුප රුපියල් 12,500/-ක් ලෙස නියම කර තිබුණි.

ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත්කරන ලද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයකින් නියෝජනය කරන වෘත්තීය සමිති සහ සේවායෝජකයන් ඇතුළත් ත්‍රෛපාර්ශ්වික අනුකමිටුවක් මඟින් එම වැටුප රුපියල් 17,500/-ක් දක්වා වැඩි කිරීමට නිර්දේශ කර ඇත.

ඒ අනුව, ජාතික අවම වැටුප සහ ජාතික අවම දෛනික වැටුප මෙලෙස වැඩි කිරීමට හැකි වන පරිදි 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

1 COMMENT

  1. ඔය මුදලින් ජීවත්වන අය ඉන්නවද ලංකාවේ

Leave a Reply to රෝෂාන් මාරසිංහ Cancel reply

Please enter your comment!
Please enter your name here