Home උණුසුම් පුවත් ඩොලර් ගේන්න ගහන අලුත්ම ගැටේ

ඩොලර් ගේන්න ගහන අලුත්ම ගැටේ

ඩොලර් ගේන්න ගහන අලුත්ම ගැටේ

ශ්‍රී ලාංකීය ධජය යටතේ නෞකා ලියාපදිංචිය ප්‍රවර්ධනය කිරීම සඳහා සුදුසුකම් සහිත දේශීය හා විදේශීය ආයතන වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා යෝජනා ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

නෞකා ලියාපදිංචිය දේශීය ආර්ථිකයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගලා එන ප්‍රධාන මාර්ගයක් මෙන්ම සෘජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් බිහි කිරීමට විභවයක් පවතී.

එබැවින් මෙම පියවර ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවක් මඟින් අදාළ යෝජනා ඇගයීමට ලක් කර ප්‍රසම්පාදන කමිටුවක නිර්දේශ මත වඩාත් යෝග්‍යතම ආයතන තෝරා ගැනීමටත් පියවර ගෙන ඇත.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා මේ පිළිබඳ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here