අයවැය යෝජනාවල සඳහන් ආකාරයට රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රු.10,000 ම අප්‍රේල් මාසයේ සිට එම වැටුපට එකතුකොට ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
සියලු රාජ්‍ය සේවකයන්ට මාර්තු මාසයේ වැටුප ගෙවීමෙන් අනතුරුව, අප්‍රේල් මාසයේ වැටුප ද එම මාසයේ 10 වන දිනට පෙර ගෙවීමට සුදානම් බව ද හෙතෙම කියාසිටී.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 28 ක් සඳහා සහල් කිලෝ 10 බැගින් අප්‍රේල් මාසයේදීත් , තවත් සහල් කිලෝ 10 ක් මැයි මාසයේදීත් ලබාදීමට කටයුතු කරන බවයි.
අඩු ආදායම්ලාභින්ට සහනයක් ලෙසත් , ගොවීන්ට වී සඳහා ලබාදෙන මුදල ඉහළ නැංවීමට මග පෙන්වීමත් අරමුණු කරගෙන සිදු කරන මෙම වැඩපිළිවෙළ අනුව අප්‍රේල් මාසයේ ලබාදෙන සහල් කිලෝ 10 ක ප්‍රමාණය එම මස 10 වන දිනට පෙර ලබාදීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම විශ්‍රාමිකයින් සඳහා වැඩිකළ රු. 2,500 ක මුදල ද අප්‍රේල් මාසයේ සිට ලබාදෙන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ඊයේ (25) රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.