Home උණුසුම් පුවත් රාජ්‍ය සේවකයන්ට වැඩි කළ මුළු ගානම අප්‍රේල් වැටුපට

රාජ්‍ය සේවකයන්ට වැඩි කළ මුළු ගානම අප්‍රේල් වැටුපට

රාජ්‍ය සේවකයන්ට වැඩි කළ මුළු ගානම අප්‍රේල් වැටුපට

අයවැය යෝජනාවල සඳහන් ආකාරයට රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රු.10,000 ම අප්‍රේල් මාසයේ සිට එම වැටුපට එකතුකොට ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

සියලු රාජ්‍ය සේවකයන්ට මාර්තු මාසයේ වැටුප ගෙවීමෙන් අනතුරුව, අප්‍රේල් මාසයේ වැටුප ද එම මාසයේ 10 වන දිනට පෙර ගෙවීමට සුදානම් බව ද හෙතෙම කියාසිටී.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 28 ක් සඳහා සහල් කිලෝ 10 බැගින් අප්‍රේල් මාසයේදීත් , තවත් සහල් කිලෝ 10 ක් මැයි මාසයේදීත් ලබාදීමට කටයුතු කරන බවයි.

අඩු ආදායම්ලාභින්ට සහනයක් ලෙසත් , ගොවීන්ට වී සඳහා ලබාදෙන මුදල ඉහළ නැංවීමට මග පෙන්වීමත් අරමුණු කරගෙන සිදු කරන මෙම වැඩපිළිවෙළ අනුව අප්‍රේල් මාසයේ ලබාදෙන සහල් කිලෝ 10 ක ප්‍රමාණය එම මස 10 වන දිනට පෙර ලබාදීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම විශ්‍රාමිකයින් සඳහා වැඩිකළ රු. 2,500 ක මුදල ද අප්‍රේල් මාසයේ සිට ලබාදෙන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ඊයේ (25) රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here