Home උණුසුම් පුවත් නෝලිමිට් ගින්නට හේතුව සොයන්න රස පරීක්ෂක ගෙන්වයි

නෝලිමිට් ගින්නට හේතුව සොයන්න රස පරීක්ෂක ගෙන්වයි

0
නෝලිමිට් ගින්නට හේතුව සොයන්න රස පරීක්ෂක ගෙන්වයි

වැල්ලවත්තේ පිහිටි නෝ ලිමිට් ආයතනයේ ඊයේ හටගත් ගින්නට හේතුව සොයා රජයේ රස පරීක්ෂක කාර්යාලයේ ගිනි සම්බන්ධ විශේෂඥයින්ගේ සහය ගැනීමට පොලීසිය තීරණය කර ඇත.

මෙම ගින්න හටගත් ගොඩනැගිල්ල මහල් 07කින් සමන්විත වන අතර එයින් මහල් 05ක්ම ගිනි ගැනීමට ලක්ව ඇති බව පොලීසිය කියයි.

ගින්න හටගෙන ඇතැයි පැවසෙන්නේ ඉහළ මහලක පිහිටි සුවද විලවුන් ඇතුළු ද්‍රව්‍ය ගබඩාකර තිබෙන කාමරයකින් බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

මෙම ගින්න සම්බන්ධයෙන් කෙරන විමර්ශනයන්ට විදුලි බල මණ්ඩලයේ සහයද ලැබෙන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here