Home උණුසුම් පුවත් ගිනිගත් නෞකාවේ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් – දිගුකාලීන පරිසර ගැටලු අවදානමක්

ගිනිගත් නෞකාවේ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් – දිගුකාලීන පරිසර ගැටලු අවදානමක්

ගිනිගත් නෞකාවේ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් – දිගුකාලීන පරිසර ගැටලු අවදානමක්

කොළඹ වරාය ආසන්නයේදි ගිනි ගැනීමට ලක්ව ඇති එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති රසායනික ද්‍රව්‍යවල ප්‍රතික්‍රියා හේතුවෙන් දිගුකාලීන ගැටලු මතුවිය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

නෞකාව තුල නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් පමණ පවතින බවත් එම අධිකාරිය පෙන්වා දෙයි.

මෙහි බලපෑම නිසා යම් අවස්ථාවක අම්ල වැසි අතිවීමේ හැකියාවක් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කර ඇත.

එමෙන්ම නෞකාවේ බහාලුම් 1,487 ක ඇති සමස්ථ ද්‍රව්‍යවල බර ටොන් 74,000 ක් පමණ වේ.

එබැවින් මුහුදට වැටෙන ද්‍රව්‍ය ස්පර්ෂ කිරීමෙන් වලකින ලෙස ජනතාවගෙන් යළි ඉල්ලා සිටින බවද මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කරයි.

මේ අතර ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදු වෙරළට ගොඩ ගැසූ ද්‍රව්‍ය එක් රැස් කරමින් නිරෝධායන නීති උල්ලංඝනය කළ 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සමඟ ලොරි රථයක්ද පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here