Home උණුසුම් පුවත් රේගු වර්ජනය අවසන්

රේගු වර්ජනය අවසන්

රේගු වර්ජනය අවසන්

දින කීපයක් පුරා රේගු වෘත්තිය සමිති රැගෙන ගිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට රේගු වෘත්තීය සමිති එකඟතාවය පළකර තිබේ.

ඒ අද(19) සවස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

ඒ අනුව හෙට උදෑසන (20) පෙරවරු 9 සිට සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු පවත්වාගෙන යන බව රේගු වෘත්තීය සමිති සඳහන් කරයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් වරායේ බහලුම් 4000ක් පමණ සිරවී ඇති බවට අද පස්වරුවේ වාර්තා විය.

මේ හේතුවෙන් ඉදිරියට භාණ්ඩ මිල වැඩිවීමක් වුවද සිදුවීමේ අවදානමක් පවතින බවට ද සඳන් විය.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ පවතින ගිණුමක් මුදල් අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here