Home උණුසුම් පුවත් කිසි අවුලක් නෑ -අවුරුදු නැකත සුබයි

කිසි අවුලක් නෑ -අවුරුදු නැකත සුබයි

කිසි අවුලක් නෑ -අවුරුදු නැකත සුබයි

එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු උදාවේදී සුර්යය සංක්‍රාන්තිය සිදුවන ආකාරය අනුව මෙවැනි ප්‍රශස්ත නැකතක් ගැනීමට නොහැකි බව රාජ්‍ය නැකැත් කමිටුවේ සාමාජික කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථීකාචාර්යය ප්‍රවිණ ජෝතිෂ්‍යවේදි ජේ එම් ගුණපාල මහතා පවසයි..

අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ මෙම නැකැත් රටට, ජනතාවට හා රටේ පැවැත්මට යහපත් බවයි.

රාජ්‍ය නැකැත් කමිටුව 42නෙකුගෙන් සමන්විත වේ.

ඉන් 05 දෙනෙකු මෙම අවුරුදු උදාවීමේ නැකත උදෑසන යොදාගැනිමට යෝජනා කර තිබූ අතර එම නැකත යෝග්‍ය නොවන බව පවසා ඇත.

කෙසේවෙතත් ලබන අප්‍රේල් 13 වැනි සෙනසුරාදා රාත්‍රී 09.05ට අවුරුදු උදාව සිදුවන බවට සිංහල හින්දු අලුත් අවුරුදු නැකැත්වල සඳහන් වේ.

රාජ්‍ය නැකැත් කමිටුවේ විසින් සම්පාදිත නැකැත් චාරිත්‍ර මෙවරත් සිංහල අවුරුදු චාරිත්‍ර සදහා භාවිත කරන ලෙස රාජ්‍ය නැකැත් කමිටු සාමාජිකයින් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here