තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධුරය දරන හිමිවරු දෙදෙනෙක්!

    සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධුරය දරන හිමිවරු දෙදෙනෙක්!

    ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධුරයේ නාමය අයුතු ලෙස භාවිත කරන බවට අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි ස්වාමීන් වහන්සේ විසින් බෞද්ධ කටයුතු කොමසාරිවරයා වෙත ලිපියක් යවා තිබේ.

    එම ලිපියේ දැක්වෙන්නේ 2021-05-12 වන දින අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ විධායක සංඝ සභාව විසින්‌ ගත්‌ තීරණයකට අනුව සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධුරය සඳහා දොඩම්පහල චන්දසිරි ස්වාමීන් වහන්සේ පත්කළ බවත්‌ එම පත්කිරීම පිළිගෙන කොමසාරිස්වරයා විසින්‌ 18 වන දින ලිපිය උන්වහන්සේ වෙත ලැබුණු බවයි.

    එසේ වුවද මේවන විටත්‌ පූජ්‍ය අළුදෙනියේ සුබෝධි නැමැති භික්‍ෂූන්‌ වහන්සේ විසින්‌ එම විහාරස්ථානයේ විහාරාධිපති ලෙසට කටයුතු කරන බවට ප්‍රසිද්ධ මාධ්‍ය මගින්‌ දනුවත්‌ කරමින්‌ කූඨ හා වංචනික ලෙස මහජනයා නොමග යවමින්‌ කටයුතු කරන බවත් එමෙන්ම තමා විහාරාධිපති ලෙස කටයුතු කරමින්‌ රාජ්‍ය නිළධාරීන්‌ වෙත ද දැනුම් දී ඇතැයි තමා වෙත වාර්තා වූ බව දොඩම්පහල චන්දසිරි ස්වාමීන් වහන්සේ චෝදනා කරති.

    මේ සම්බන්ධව අදාළ රාජ්‍ය නිළධාරීන්‌ දනුවත්‌ කරන ලෙස ද දොඩම්පහල චන්දසිරි ස්වාමීන් වහන්සේ සිය ලිපිය මගින් කොමසාරිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    එම ලිපිය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img