Home උණුසුම් පුවත් ශ්‍රීලංකාවට ඩොලර් මිලියන 100ක ණයක් අනුමතයි

ශ්‍රීලංකාවට ඩොලර් මිලියන 100ක ණයක් අනුමතයි

ශ්‍රීලංකාවට ඩොලර් මිලියන 100ක ණයක් අනුමතයි

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණයක් අනුමත කර තිබේ.

ඒ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම්වලට වැඩි ප්‍රවේශයක් ලබා දීම සහ ආර්ථික අර්බුදය සහ දේශගුණික විපර්යාස වැනි බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා ය.

“කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. ඒ වගේම රටේ දළ දේශීය නිෂ්පාදිතයට 52% ක දායකත්වයක් සපයන ගමන්ම ජනගහනයෙන් 45% ක් සේවයේ යොදවනවා. එබැවින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට, විශේෂයෙන් කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යවසායන්ට, ආර්ථිකයට අංශයේ දායකත්වය පවත්වා ගැනීමට සහ වර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබා දීම වැදගත්. මෙමඟින් කාරක ප්‍රාග්ධනය ලබා දෙනවා වගේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය ප්‍රවේශය වැඩිදියුණු කරනවා. මෙහෙයුම් පුළුල් කිරීමට වගේම වෙනස් වන පරිසරය සඳහා සූදානම් වීමටත් ඔවුන්ට උපකාර කරනවා.” ආසියානු සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ මූල්‍ය අංශයේ විශේෂඥ මනෝහාරි ගුණවර්ධන මහත්මිය පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here